එන්නත ඕස්ටේ්රලියානුවන්ට නොමිලේ
මහා බි්රතාන්යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය මැදිහත් වීමෙන් නිර්මාණය කළ, කොරෝනා මර්දනය කළ හැකි එන්නත ඕස්ටේ්රලියානුවන්ට නොමිලේ ලබා දීමට පියවර ගන්නා බව ඕස්ටේ්රලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවැසීය.
ඔක්ස්ෆර්ඞ් එන්නත නිර්මාණය සඳහා සම්බන්ධ වී සිටින්නේ ඇස්ට්රාසෙනෙකො ඖෂධ නිෂ්පාදන සමාගමය. ඕස්ටේ්රලියා රජය, මෙම සමාගම සමඟ ගිවිසුමකට එලැඹී ඇත්තේ මිලියන 25 ක් ඇමෙරිකානුවන් වෙනුවෙන් කඩිනමින් එන්නත ලබා දීමටය.
‘ඔක්ස්ෆර්ඞ් එන්නත ආරක්ෂිතයි. එහි අවසන් අත්හදා බැලීමේ සායනික පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතිනවා. එන්නත ආරක්ෂිත බවත්, සාර්ථක බවත් තහවුරු වූ සැණින් මුලින්ම එය ඕස්ටේ්රලියානුවන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා’ යැයි අගමැති මොරිසන් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
ඕස්ටේ්රලියාවෙන් මෙතෙක් හමුවී ඇති වයිරස ආසාදිතයන් ගණන 7,000 ඉක්මවයි. මරණ වාර්තා වන්නේ 450 ක් ලෙසිණි. වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තය සහ මෙල්බර්න් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.
මෙල්බර්න්හිදීය (රොයිටර්)