එන්නත් මිලියන 85 ක් ඇණවුම් කරලා
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී, නිර්මාණය කළ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මර්දන එන්නත් මිලියන 85 ක් ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියා ඇණවුම් කර ඇතැයි එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.
එම ඇණවුම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.24 ක මුදලක් වැය කරන බව ද පැවැසෙයි.
සායනික අත්හදා බැලීම් අවසන් කර, ‘ඔක්ස්ෆර්ඩ් එන්නත’ සූදානම් යැයි පැවැසූ සැණින්, ජනවාරියේ සිට එන්නත ඕස්ට්‍රේලියානුවන්ට බෙදාදීමට සියලු කටයුතු සූදානම් බව ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
ඕස්ට්‍රේලියාවේ ජනගහනට මිලියන 25 කි.
මෙල්බර්න්හිදීය (රොයිටර්)