එන්නත් බෙදන්න බෝයිං යානා 8,000 ක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සාර්ථකව අඩපණ කළ හැකි එන්නතක් නිපදවූ එය ලොව පුරා බෙදා හැරීමට නම්, ‘බෝයිං 747’ වර්ගයේ ගුවන් යානා 8,000 ක් අවශ්‍ය වනු ඇතැයි ජාත්‍යන්තර ගුවන් සේවා පවසයි.

ගුවන් සේවා එසේ පවසන්නේ, එන්නත් තොග විශාල වශයෙන් සැණින් ලොව පුරා බෙදා හැරීම අපහසු කාර්යයක් බව පෙන්වා දෙමිනි. ‘බෝයිං 747’ යනු ප්‍රමාණයෙන් විශාල ගුවන් යානා වර්ගයකි.

කෙසේ නමුත් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු එන්නතක් නිපදවා නැති අතර, එන්නත් රැසක් අවසන් සායනික පර්යේෂණ සඳහා යොදා ගැනෙමින් පවතී.

ලබන 2021 වසර වෙද්දී එම එන්නත්වලින් එකක් නිසැකවම කරළියට එනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. එසේ කරළියට පැමිණෙන එන්නත් ලොව පුරා බෙදා හැරීමේ කටයුත්ත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය හරහා සිදුවනු ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS