උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට චෝදනා
උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට දොස් නගා ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි න්‍යෂ්ටික අවිහරණය කටයුතු සිදු කළත්, ඇමෙරිකාව තම න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවත් ජනපති ට්‍රම්ප් ‘බොරුකාරයකු’ බවත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් චෝදනා නගා ඇත.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර අවස්ථා තුනකදී හමුවීම් සිදුවිය. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් හමුවීමට, උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කළේ සාමයට පිවිසෙන බවත්, කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර තැනක් බවට පත් කරන බවටත් අවධාරණය කරමිනි.
සෝල්හිදීය (ඒ.එෆ්.පී.)