උතුරු කොරියාවට පැනවූ සම්බාධක ලිහිල් කරන්න



උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කරන්නැයි චීනයත් රුසියාවත් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇත. චීනය සහ රුසියාව මෙම ඉල්ලීම කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විශේෂ හමුවකදීය.

ඇමෙරිකාව, චීනය සහ රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවිණි. ඒ, චීනයේ ඉල්ලීම මතය. රැස්වීම කැඳවූයේ ඉන්දු කාශ්මීරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමටය.

චීනය සහ රුසියාව උතුරු කොරියාව සමඟ යහපත් සබඳතා පවත්වයි. උතුරු කොරියා නායන කිම් ජොන් උන් පසුගි අප්‍රේල් 25 වැනිදා රුසියාවට ගොස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවස්ථා කීපයකදී චීනයට ගොස් චීන ජනාධිපති ෂී ජින් පින් හමුවී ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමයට කැපවී සිටින බව පවසා තිබේ. කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර ස්ථානයක් බවට පත් කරනවා යැයි පොරොන්දුවක් දෙමින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කර ඇත. ඇමෙරිකාව පවසා ඇත්තේ උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු මෙම 2019 වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කළ යුතු බවය.

කෙසේ නමුත් තමන් අපේක්ෂා කරන ආකාරයට න්‍යෂ්ටික අවිහරණයක් සිදු නොවන බවට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියාවට චෝදනා කර ඇත. එහෙයින් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම කල් වැඩි යැයි ඇමෙරිකාව රුසියාවටත් චීනයටත් පවසා ඇති බව ද වාර්තා වේ.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS