උගන්ඩාවේ පාසලකට ප්‍රහාරයක්: 25 ක් මරුට



බටහිර උගන්ඩාවේ පාසලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් 40 දෙනකු මියගොස් ඇති බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනා පාසල් සිසුන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාසලට පහර දුන්නේ ගිනි අවි සහ අත්බෝම්බවලින් සන්නද්ධ වූ ඒ.ඩී.එෆ්. ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් බව ආරක්ෂක අංශ පවසයි.
ප්‍රහාරය එල්ල වූයේ රාත්‍රියේය ප්‍රහාරයෙන් මියගියේ සහ තුවාල ලැබුවේ පාසල් නේවාසිකාගාරයේ සිටි සිසුවන්ය. ප්‍රහාරයෙන් අට දෙනෙකු තුවාල ලැබූ බව ද වාර්තා වේ.

ත්‍රස්තයන් පාසලට කඩා වැදී ඇත්තේ පාසල් ආහාර ගබඩාවේ ඇති ආහාර කොල්ල කෑමට යැයි උගන්ඩා රජය පවසයි. උගන්ඩාව යනු අප්‍රිකාවට අයත් රාජ්‍යයකි.


RECOMMEND POSTS