ඉම්රාන් ඛාන් සමාව ඉල්ලයි



විනිසුරුවරියක විවේචනය කරමින් ඇයට තර්ජනය කළේ යැයි චෝදනා ලැබ සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අගවිනිසුරු අතාර් මිනල්ලා ඇතුළු විනිසුරු මඩුල්ල හමුවී සමාව ඉල්ලා සිටි බවත් පසුව ඔහු තර්ජනය කළේ යැයි චෝදනා නැගුණු විනිසුරුවරිය ෂොබා චෞද්‍රි හමුවී ඇයගෙන් ද සමාව ඉල්ලා සිටි බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.

අධිකරණයට අපහාස කරමින්, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, විනිසුරු ෂොබා චෞද්‍රිට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වූයේ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය අගෝස්තුවේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති ජන රැලියකදී කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.  හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, මෙම ප්‍රකාශය කළේ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ෂබාස් ගිල් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට විනිසුරු ෂොබා චෞද්‍රිට තීන්දු කළ බැවිනි.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සමාව නොගෙන, ඔහුට එරෙහිව පැවැරුණු නඩුවෙන් වරදකරු වූයේ නම්, වසර 5 ක දේශපාලන තහංචියක් හිමි වීමට ඉඩ තිබුණු බව පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS