ඉම්රාන් ඉන්දීය විදෙස් ප්‍රතිපත්ති අගයයි



පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත් දිනෙක ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ඇගයී ය.

ඉම්රාන් ඛාන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ඇගයීමට ලක් කරමින් අදහස් දක්වා තිබිණි.

ලාහෝරයේ ලිබර්ටි චෝක් හි සිට ඉස්ලාමාබාද් දක්වා හකිකි අසාදී පාගමනය ආරම්භ කරමින් ඉම්රාන් ඛාන් ඉකුත් 28 වැනිදා මේ බව පැවැසීය.

යුක්රේන යුද්ධය මධ්‍යයේ බටහිර රටවල පීඩනය හමු වේ වුව ද සිය රටේ අභිලාෂ අනුගමනය කරමින් ඒ අනුව යමින් ඉන්දියාව, රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ඇගයීමට ලක් කළේ ය.

මීට පෙර අවස්ථා කිහිපයකදීත් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය ඇගයී ය.

මේ අතර පාකිස්තානයේ වසීරාබාද්හි පැවැති ආණ්ඩු විරෝධී රැලියකදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්විය.

මෙය ඔහු ඝාතනය කිරීමේ වුවමනාවෙන් එල්ල කරන ලද වෙඩි තැබීමක් යැයි පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් සඳහන් කළේ ය.

මෙම වැඩි තැබීමෙන් ඉම්රාන් ඛාන්ගේ පාදවලට තුවාල සිදු වී ඇතැයි ඔහුගේ ජීවිතයට හානියක් නැතැයි ද වාර්තා විය.

ඒ.එන්.අයි. ඇසුරිනි


RECOMMEND POSTS