ඉන්දු කාශ්මීර හමුදා මුරපොලකට ප්‍රහාරයක්



ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ ඉන්දීය හමුදා මුරපොළකට ඊයේ (11) අලුයම ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය එල්ල කළේ පාකිස්තානයේ සහාය ලබන ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන් බව ඉන්දීය හමුදාව පවසයි. ප්‍රහාරය එල්ල වූයේ රාජෝරි දිස්ත්‍රික්කයේ හමුදා මුරපොළටය. ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන දිස්ත්‍රික්කයක් ලෙස රාජෝරි සැලකෙයි.

ප්‍රහාරයෙන් මුරපොළේ ආරක්ෂාවට සිටි ඉන්දීය සොල්දුදවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන්දීය හමුදා පෙරළා එල්ල කළ ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද ඉන්දීය හමුදාව පවසා තිබේ. ප්‍රහාරය එල්ල වූයේ ඊයේ (11) අලුයම 3 ට පමණ යැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS