ඉන්දුනීසියාවේ දිනකදී ආසාදිතයෝ 100 ක්
ඉන්දුනීසියාවෙන් එක් දිනක් ඇතුළත ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 100 ක් හමුවී ඇතැයි එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව ඉන්දුනීසියාවෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 686 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වයිරසය හේතුවෙන් මියගිය ගණන 55 කි. වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 36 ක් බව ද පැවැසෙයි.
(රොයිටර්)