ඉන්දීය හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්
ඉන්දීය හමුදාවට ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකු පත් කර තිබේ. ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පත් කරනු ලැබුවේ, ඉන්දීය හමුදා ප්‍රධානියා චීෆ් ජනරාල් බිපින් රවාත් ය.
ජනරාල් බිපින් රවාත් අද (31) සිය ධුරයෙන් විශ්‍රාම යන අතර, ඉන්පසු නව ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස රාජකාරි අරඹනු ඇතැයි පැවැසෙයි.
දාහතර ලක්ෂය ඉක්මවූ ක්‍රියාකාරී හමුදා සාමාජිකයන් සහ දස ලක්ෂයකට ආසන්න ස්වේච්ඡා භටයන්ගෙන් ද සමන්විත වූ ඉන්දීය සන්නද්ධ හමුදාවට ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකු පත් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව මින් ඉදිරියට ඉන්දියාවේ යුද, නාවික සහ ගුවන් හමුදා සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සෘජුව සම්බන්ධ වන්නේ නව ආරක්ෂක මාණ්ඩලික ප්රධානියාය.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී)