ඉන්දීය රජයෙන් විරෝධයක්



ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකන් කොමිසම, ඉන්දියාවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විරෝධය පළ කර තිබේ.

ඉන්දියාවේ ආගමික නිදහස උල්ලංඝනය වෙනවා යැයි ජාත්‍යන්තර ආගමික නිදහස එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකන් කොමිසම එසේ චෝදනා කරන්නේ ඉන්දියාව ගැන හෝ ඉන්දීය රජය ගැන හෝ ඉන්දීය ව්‍යවස්ථාව ගැන හෝ අවබෝධයකින් තොරව බවත් ඉන්දීය රජව කළ ප්‍රකාශයක දැක්වෙයි.

ඉන්දිටාව සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවත්, ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකන් කොමිසම ඉන්දියාවට චෝදනා කරන්නේ පාර්ශ්ව කීපයක් ලබා දුන් ප්‍රකාශ පදනම් කර ගනිමින් බවත් ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි පවසා තිබේ.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)


RECOMMEND POSTS