ඉන්දීයාවේ ප්‍රාන්ත කීපයක් වසා දැමේ
ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මෙන්ම වයිරස ආසාදිත මරණ ගණන ද ඉහළ යෑම සැලකිල්ලට ගනිමින්, එරට ප්‍රාන්ත කිහිපයකට ලොක්ඩවුන් සීමා පනවා තිබේ.
පසුගිය දා නව කොරෝනා වයිරස ආසාදිත මරණ 4,187ක් වූ බවත් එය මෙතෙක් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 240,000ක් වන අතර ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන ලබන අගෝස්තු මාසය වනවිට මිලියනයක් වනු ඇතැයි එරට සෞඛ්‍ය සංඛ්‍යාදත්ත සහ ඒවා ඇගයීමේ ආයතනයක් වන ‘ඉන්ස්ටිටියුට් ෆෝ හෙලත් මෙට්රික්ස් ඇන්ඩ් ඉවැලුවේෂන්’ ආයතනය ඇස්තමේන්තු කරයි.
ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 401,078 දෙනකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 21.9ක් දක්වා ඉහළ ගියේ ය.
චෙන්නායිහිදීය (රොයිටර්)