ඉන්දියාවේ දෛනික මරණ 4,000 පනී
ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 343,144 දෙනකු හඳුනාගත් බවත් එම කාලයේ දී මරණ 4,000ක් වාර්තා වූ බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ඊයේ (14) කළේය.
ඉන්දියාවෙන් මේ සතියේ මේ දක්වා කාලයේ දී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.4ක් වන අතර වාර්තා වී ඇති වයිරස ආසාදිත මරණ ගණන 16,000කි.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 24.05ක් වන අතර එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 262,317කි.
රොයිටර්