ඉන්දියාවේ කොරෝනා ඉහළ යයි
ඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන දිනපතා ඉහළ යමින් පවතින බවත්, ගතවුණු පැය 24 ඇතුළත මරණ 942 ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අංශ පැවැසීය.
ඒ අනුව, ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 47,033 ක් තෙක් ඉහළ ගියේය. මේ වනවිට ඉන්දියාව, කොරෝනා මරණ අතින් මහා බි්‍රතාන්‍යය පසුකර ඇතැයි ද පැවැසෙයි.
ලොව තෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 2,400,000 කි. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් හමුවුණු ආසාදිතයන් ගණන 66,999 කි.
ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වන ප්‍රණාබ් මුඛර්ජි කොරෝනා ආසාදිතයකු බව හඳුනා ගැණුනේ පසුගිය 12 වැනිදාය. ඉන්දීය පුවත් සේවා වාර්තා කළේ ඔහුගේ තත්ත්වය බරපතල බවත්, ඔහු ස්වසන යන්ත්‍රයකට (වෙන්ටිලේටර්) සම්බන්ධ කර ඇති බවත්ය.
නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)