ඉතාලියේ වයිරස මරණ 21 යි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 21 දක්වා ඉහළ ගොස් ඇත. වයිරසය ආසාදනය වූ ගණන 889 කි.

ඉතාලි රජය වයිරසය පැතිරීම වැළැක්වීමට, නගර රැසක් වසා දමා ඇතැයි ද වාර්තා වේ. හැකිතාක් නිවෙස්වලට වී සිටින ලෙසත්, පොදු  ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසත් ඉතාලි රජය එරට වැසියන්ට උපදෙස් දී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS