ඉතාලියට පුටින්ගේ සහාය



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය රුසියාවට ද තර්ජනයක් වී ඇත.කෙසේ නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට දළදඬු ක්‍රියා මාර්ග අනුගමනය කළේය. ඔහු රුසියන් වැසියන්ට නිවෙස්වල රැඳී සිටින්නැයි නියෝග කළේය.

පසුගිය දා ඉතාලි අගමැති කොන්තේ, රුසියන් ජනපති පුටින් ඇමතුවේය. වයිරසය මැඬලීමට සහාය දෙන්නැයි ඉල්ලා සිටියේය.

එක දුරකතන ඇමතුමින්, වහාම ඉතාලියට වෛද්‍ය උපකරණ, ජංගම සුව සේවා ලබා දෙන ගිලන් රථ ඇතුළු වෛද්‍ය ආධාර යැවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය. ඒ අනුව, රුසියන් හමුදාවේ වෛද්‍ය බළකායේ විශේෂ ගුවන් යානා ඉතාලියට පැමිණිම ඉතාලි වැසියන්ට මහත් අස්වැසිල්ලක් විය.

රුසියන් හමුදාවේ මෙම විශේෂ බළකායට වයිරස වසංගත සම්බන්ධයෙන් හසල දැනුමක් ඇත. වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානය රෝමයේ සිට කිලෝ මීටර් 30 ක් දුරින් වූ ඉතාලි ගුවන් හමුදා කඳවුරට ගොඩබාද්දී, ඉතාලි හමුදා එම ගුවන් යානය පිළිගත්තේ මහත් හරසරිනි.

(රොයිටර්)


RECOMMEND POSTS