ඉතාලියට නැවතත් ඇඳිරි නීතිය
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පැනවීමට ඉතාලි බලධාරීහු අද (4) තීරණය කළහ.
ඉතාලිය ද ඇතුළුව යුරෝපයේ රටවලින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර යුරෝපයේ රටවල් රැසක් මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සීමා පනවා ඇත.
නව සීමා සමඟ ඉතාලි වැසියන්ට රාත්‍රී 10ත් පසුදා අලුයම 5ත් අතර කාලයේදී සිය නිවාසවලින් පිටවී යෑම තහනම් වන අතර ප්‍රංශය, බෙල්ජියම සහ ජර්මනිය යන රටවල් ද මේ වනවිට ඒ හා සමාන නීති පනවා ඇත.
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කරගැනීමට නොහැකිව යුරෝපයේ රටවල් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී ඇත.
වයිරසය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණ ගණන බදාදා දිනයේදී වාර්තා විය. මේ හේතුවෙන් වයිරසය පාලනය කිරීම සඳහා නැවත වරක් දැඩි සීමා ගන්නැයි රුසියානු ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වී තිබේ. කෙසේ නමුත් ලොක්ඩවුන් සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මීට පෙර දිනෙක පැවැසීය.
ඒ.එෆ්.පී.