ඇෆ්ගනිස්තානයේ විදෙස් මුදල් භාවිතය තහනම්
ඇෆ්ගනිස්තානය තුළ විදෙස් මුදල් භාවිතය තහනම් කිරීමට ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගෙන සිටින තලේබාන් රජය තීරණය කර ඇත.
ඇෆ්ගන් වෙළෙඳපොළ ආශ්‍රිතව ඇමෙරිකන් ඩොලරය බහුලව භාවිත වන අතර, මින් ඉදිරියට ඇෆ්ගන් මුදල් ඒකකය ලෙස 'ඇෆ්ගානී' භාවිතයට ගැනීම කළ යුතු යැයි තලේබාන් රජය ජනතාවට උපදෙස් දී ඇත.
මෙය ජාතික අවශ්‍යතා අනුව, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් පියවරක් යැයි ද තලේබාන් රජය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(ඒ.ඒෆ්.පී.)