ඇෆ්ගන් වැසියෝ අමාරුවේ



ඇෆ්ගනිස්ථානයෙන් බටහිර හමුදා ඉවත් වීමත් සමග ඇතිවූ තලෙයිබාන් පාලනයෙන් පසු ඇෆ්ගන් ජනතාවට ජීවත් විය නොහැකි තත්වයක් උදා වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන් පාලනයට තවමත් ජාත්‍යන්තර හදුනාගැනීමක් ලැබී නොමැති අතර ඒ හේතුවෙන් බොහෝ ඇෆ්ගන් වැසියන්ට තම පවුල් පෝෂණය කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇත.

එක් ඇෆ්ගන් පවුලක සහෝදරයෝ තුන්දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙකු තම පවුලට අවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා අවයව විකුණා ඇත.

මව්වරු  තම බිලිඳා පෝෂණය කිරීමට නොහැකිව විකුණා දමන තත්වයට පත්ව ඇත .එසේ විකිණීමට අකමැති  බිළිදුන් බඩගින්නේ  මියගොස් තිබෙන අවස්ථාද වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බටහිර හමුදා සහ ඇෆ්ගන් වැසියන් දහස් ගණනක්  ජීවිත පුජා කරමින් රැක ගැනීමට උත්සහ දැරූ රටකට බටහිර හමුදා පිටවීමෙන් පසු  ඇතිවී තිබෙන ඛේදජනක තත්වය මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

(විමුක්ති එස් රුද්‍රිගු)

 


RECOMMEND POSTS