ඇල්බේනියාවෙන් කොරෝනා



දකුණුදිග යුරෝපා රටක් වන ඇල්බේනියාවෙන් ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි වාර්තා විය.

ඇල්බේනියාවෙන් කොරෝනා ආසාදිතයන් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්තේ පිය පුතු දෙදෙනකුටය.

54 හැවිරිදි පියා සහ 28 හැවිරිදි පුත්‍රයා ඉතාලියේ ෆ්ලොරෙන්ස් නුවර සංචාරයකට ගොස් ආපසු පැමිණි අය බව ඇල්බේනියා සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත. ආසාදිතයන් දෙදෙනා ඇල්බේනියාවේ ටිනාරා අගනුවර රෝහලේ නිරෝධායනය කර තැබෙන බව ද පැවැසෙයි.

දකුණුදිග යුරෝපා රටක් වන ඇල්බේනියාව, බොල්කන් කලාපීය රාජ්‍යයකි. කොරෝනා වයිරසය පැතිරුණු පස්වැනි බෝල්කන් රාජ්‍යය වන්නේ ඇල්බේනියාවය. ක්‍රොයේෂියා, උතුරු මැසඩෝනා, බොස්නියා සහ සර්බියා යන රටවලින් ද කොරෝනා ආසාදිතයන් හමුවී ඇත.

ටිරානාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS