ඇල්ජීරියාවට නව ජනාධිපතිවරයෙක්
ආන්දෝලනයට ලක් වුණු ඇල්ජීරියා ජනාධිපතිවරණයෙන් හිටපු අගමැති අබ්දෙල්මජ්ජිද් ටෙබෝන් ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ටෙබෝන් ඇල්ජීරියාවේ නව ජනාධිපතිවරයා වනු ඇත.
ජනාධිපතිවරණය ආන්දෝලනයක් ඇති කළේ විපක්ෂයෙන් එල්ල වූ විරෝධතා හේතුවෙනි. ජනාධිපතිවරණයට ටෙබෝන් ඇතුළු අපේක්ෂකයෝ සිවු දෙනෙකු ඉදිරිපත් වී සිටි බව පැවැසෙයි.
74 හැවිරිදි ටෙබෝන් සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය. ඇල්ජීරියාව යනු උතුරු ඇමෙරිකාවට අයත් භූමියෙන් වටවුණු රාජ්‍යයකි.
(අල් ජසීරා)