ඇමෙරිකාව සමඟ ගැටුමකට යන්නේ නෑ



කොතරම් පෙළඹවීම් කළත්, ඇමෙරිකාව සමඟ කිසිම අයුරකින් ගැටුමක් ඇති කර ගැනීමට චීනයේ බලාපොරොත්තුවක් නැතැයි චීන හමුදාපති ජනරාල් ලී ෂැංග්ෆූ පවසා ඇත.

චීන හමුදාපතිවරයා මෙසේ පැවැසුවේ ආරක්ෂක සමුළුවකට සහභාගී වෙමිනි. ‘ඇමෙරිකාව සමඟ යුද්ධයකට යන්න චීනයේ කිසිද අදහසක් නැහැ. ලෝක බලවතුන් ලෙස ඇමෙරිකාවටත් චීනයටත් සහජීවනයෙන් ජීවත් වෙන්න මේ ලෝකයේ ඉඩ තියෙනවා’ යැයි ජනරාල් ලී ෂැංග්ෆූ පෙන්වා දුන්නේය.

ඇමෙරිකාව සහ චීනය අතරේ යුද්ධයක් නිර්මාණය වුවහොත් එය මුළු ලොවටම තර්ජනයක් වනු ඇති බවත්, එසේ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවත් චීන හමුදාපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS