ඇමෙරිකාව අර්ධ වශයෙන් විවෘත කෙරේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ‘ලොක්ඩවුන්’ කළ ඇමෙරිකානු ජනපද 50 මේ වනවිට අර්ධ වශයෙන් විවෘත වී ඇති බව වාර්තා වේ.

මේ වනවිට ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාව තුළ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ වොෂින්ටන් සහ නිව්යෝක් යන ජනපදවලිනි.

ඊට අමතරව ඇමෙරිකාව මේ වනවිට පීසීආර් පරීක්ෂණ මිලියන 13 කට වඩා සිදු කර ‘කොවිඞ් 19’ ආසාදිනය වී ඇති ද නැද්ද යන්න සෙවීමට පියවර ගෙන ඇතැයි ඇමෙරිකන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS