ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයක මැතිවරණ
නව ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා ඇමෙරිකාවේ නිව්යෝක්, වර්ජීනියා, නිව් ජර්සි ඇතුළු ප්‍රාන්ත කීපයක මැතිවරණ පැවැත්විණි.
නිව්යෝක් නුවර නගරාධිපති ධුරය වෙනුවෙන් තරඟ වැදුණු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී 61 හැවිරිදි එරික් ඇඩම්ස් ජයග්‍රහණය කළේය. මොහු නියෝජනය කරන්නේ ඩිමොක්රටික් පක්ෂයයි. ඒ අනුව ඇමෙරිකාවේ විශාලතම නගරය වන නිව්යෝක් නුවරට පත් වුණු දෙවැනි කළු ජාතික නගරාධිපතිවරයා වනු ඇත්තේ ඇඩම්ස්ය.
බොස්ටන් සහ සින්සනැටි නගරාධිපතිවරුන් තෝරා ගැනීම සඳහා පැවැති මැතිවරණවලින් ජයග්‍රහණය කළේ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයන් දෙදෙනෙකි. මොවුන් දෙදෙනාම විදෙස් සම්භවයක් ඇති අය වීම විශේෂත්වයකි.
බොස්ටන් නගරාධිපති ධුරය නීතීඥවරියක ද වන 36 හැවිරිදි මිෂෙල් වූ ට හිමිවිය. සින්සනැටි නගරාධිපති ධුරය හිමිවූයේ 39 හැවිරිදි අෆ්තාබ් පුරේවාල්ය. මොහු අරාබි සම්භවයක් ඇත්තෙකි. ඇමෙරිකානු නගරාධිපති ධුරයක් අරාබි සම්භවයක් ඇත්තෙකුට හිමිවුණු පළමු අවස්ථාව මෙය යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)