ඇමෙරිකාවට වඩා කැනඩාවේ කොරෝනා
කැනඩාවේ ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතය, ඇමෙරිකා එක්සත් ජනපදය පසුකර ඇතැයි ‘පෑන් ඇමෙරිකා සෞඛ්‍ය සංවිධානය’ නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
‘පෑන් ඇමෙරිකා සෞඛ්‍ය සංවිධානය’ යනු ඇමෙරිකන් කලාපීය රටවල සෞඛ්‍ය කටයුතු නියාමනය කරන සංවිධානයයි. කැනඩාවේ වැඩිම ජනගහනයක් ඇත්තේ ඔන්ටෙරියෝ ප්රාන්තයේය.
අද (29) ඔන්ටෙරියෝ ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 3,500 පසු කළේය. ඔන්ටෙරියෝ ප්‍රාන්තයෙන් ආසාදිතයන් වාර්තා වීම සියයට 10.9 ක් යැයි ‘පෑන් ඇමෙරිකා සෞඛ්‍ය සංවිධානය’ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කැනඩා රජය එරට මිලියන 37 කට ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ එන්නත් මිලදී ගෙන ඇති අතර, එම එන්නත් ලබා දීම ද මේ වනවිට ආරම්භ කර ඇත. කෙසේ නමුත් එන්නත්කරණ වැඩසටහන ඉතා සෙමින් සිදුවන බව පැවැසෙයි. මේ වනවිට එන්නත් ලැබී ඇත්තේ කැනඩා ජනගහනයෙන් සියයට 3 කට පමණි.
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ, බිරිඳ සෝෆී සමඟ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේ පසුගිය සතියේය. අග්‍රාමාත්‍යවරයා එන්නත ලබා ගන්නා අයුරු සජීවීව පුවත් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. ඒ, කැනඩා වැසියන්ට එන්නත ලබා ගන්නැයි පවසමිනි.
කැනඩාවේ කොරෝනා ආසාදිතයන් ගණන 1,202,737 කි. කැනඩාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 24,117 කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූ කැනඩා වැසියන් ගණන 1,095,266 කි. කැනඩාවේ කොරෝනා වයිරස ව්‍යාප්තියක් සිදුවී ඇත්තේ ලොව නන්දෙසින් හමුවුණු විකෘති වයිරස ප්‍රභේද කැනඩාවේ පැතිරීමට පටන්ගෙන ඇති බැවිනි.
ඔන්ටෙරියෝ (එන්.ඩී.ටීවී.)