ඇමෙරිකානුවන්ට එන්නත හෙට



ඇමෙරිකාව ද හෙට (14) සිට ‘ෆයිසර්’ එන්නත ලබන 21 සිට එරට වැසියන්ට ලබා දීමට සූදානම් වෙයි.

‘ෆයිසර්’ එන්නත හදිසි තත්ත්වයක් සේ සලකා ඇමෙරිකානුවන්ට දෙන්නැයි, අනුමැතිය ලබා දීම සිදුවූයේ එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මගිනි. එන්නතේ පළමු මාත්‍රා මිලියන 3 ක් ඉදිරි දින කීපයේ ඇමෙරිකාව පුරා බෙදා හැරෙන බව ද පැවැසෙයි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. මේ වනවිට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් එක් කෝටි හැට ලක්ෂය ඉක්මා ඇති අතර, මරණ තුන් ලක්ෂ පනස් දහස ඉක්මවා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS