ඇමෙරිකන් වැසියෝ වේලාසනින් ඡන්දය දමති



ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය.

ජනාධිපතිවරණයට පෙර, වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැති ඇමෙරිකානුවන්ට ඒ සඳහා අවස්ථාව උදාවන වන අතර, ඡන්ද පොළ ද ඒ සඳහා මේ වනවිට ආරම්භ වී ඇත.

වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු පළමුවෙන් ආරම්භ වූයේ වර්ජීනියා ජනපදයෙනි. වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විවෘත කෙරුණු ඡන්ද පොළ නොවැම්බර් 2 වැනිදා තෙක් ක්‍රියාත්මක වන බව ඇමෙරිකන් මැතිවරණ බලධාරීහු පෙන්වා දෙති.

ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකකි. රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂය යනු එම පක්ෂ දෙකය. ජනාධිපතිවරණයේ දී උප ජනාධිපතිවරයකු ද තෝරා ගැනීම සිදු කරයි.

ඇමෙරිකන් මාධ්‍ය විසින් සිදුකරනු ලබන ජනමත සමීක්ෂණ අනුව, මේ වනවිට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටීමට උප ජනාධිපතිනී ඉන්දීය සම්භවයක් ද සහිත කමලා හැරිස් සමත් වී සිටී. කමලා හැරිස් ජනාධිතිවරණය ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS