ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් චීන ජනපති අමතයි
චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින්ට දුරකතන ඇමතුමක් ලබා දුන් බව ධවල මන්දිරයට වාර්තා කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේය. ඒ, චීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.
අද වනවිට වයිරසයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවලටය. ඊයේ (26) වනවිට වෙද්දී ඇමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 80,000 පසු කර තිබුණි. ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)