ආසාදිතයෝ ලක්ෂ 3 පසු කරයි



දකුණු අප්‍රිකාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 3 පසු කර ඇතැයි වාර්තා වේ.

අප්‍රිකා කලාපයේ වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන රට ලෙස සැලකෙන්නේ දකුණු අප්‍රිකාවය.

ගතවුණු පැය 24 ඇතුළත දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුණු නව ආසාදිතයන් ගණන 12,757 කි. ඒ අනුව, සමස්ත ආසාදිතයන් ගණන 3,11,049 ක් විය. දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ මරණ ගණන 4,453 කි.

ජොහැන්නස්බර්ග්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS