ආරක්ෂක මණ්ඩලයේ අසුනක් ඉන්දියාවට දෙන්න



එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කරමින්, ඉන්දියාවට ද එහි අසුනක් පිරිනමා, නිත්‍ය සාමාජිකයකු කරගත යුතු යැයි ඇමෙරිකාව වෙනුවෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අවධාරණය කරයි.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති 79 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ‘අනාගතයේ සමුළුව‘ අමතමින් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මේ බව අවධාරණය කළේය.

ඉන්දියාව පමණක් නොව, ජර්මනිය සහ ජපානය ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් විය යුතු යැයි ඇන්තනි බ්ලින්කන් පෙන්වා දී ඇත. මේ වනවිටත්, ඉන්දියාව, ජර්මනිය සහ ජපානය ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයන් තිදෙනකි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 15 කින් සමන්විත වන අතර, නිෂේධ බලය සහිත නිත්‍ය සාමාජිකයින් පස් දෙනෙකු සහ වසර දෙකක ධුර කාලයක් සඳහා තේරී පත් වූ ස්ථිර නොවන සාමාජිකයෝ 10 දෙනෙක් ඇතුළත් වෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS