ආයු අපේක්ෂාව පහළට



කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බෙල්ජියමේ වැසියන්ගේ ආයු අපේක්ෂාව මාස 15කට වඩා වැඩි ගණනකින් පහත වැටී තිබේ.

යුරෝපා සංගම් කොමිසමේ වාර්තාවකින් මේ බව අනාවරණය වී තිබේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ දී බෙල්ජියමේ වැසියන්ගේ ආයු අපේක්ෂාව මෙලෙස මාස 15කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ.

බෙල්ජියාමේ වැසියන්ගේ උපතේ දී ආයු අපේක්ෂාවේ සාමාන්‍ය අනුපාතය අවුරුදු 80.8ක් වන අතර එය යුරෝපයේ උපතේදී ආයු අපේක්ෂාවේ සාමාන්‍ය අනුපාතය වන වසර 80.4ට වඩා හොඳ ය.

කොවිඩ්-19 වසංගතය ආරම්භ වූයේ 2019 වසරේ දී ය. ඊට පෙර බෙල්ජියමේ ආයු අපේක්ෂාව වසර 82.1ක් විය. එම වසරේදීම යුරෝපයේ ආයු අපේක්ෂාව අවුරුදු 81.3ක් විය.

බෙල්ජියම යුරෝපයේ සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් හොඳ තත්ත්වයක සිටියද 2019 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව බටහිර යුරෝපීය රටවලට වඩා පහළින් සිටියි.

(ද බ්‍රසල්ස් ටයිම්ස්)


RECOMMEND POSTS