ආගමික නිදහස උල්ලංඝනය කරන රටවල් අතර පාකිස්තානය



ආගමික නිදහස උල්ලංඝනය කරන රටවල් අතර පාකිස්තානය සිටිනවා යැයි ඇමෙරිකාව එල්ල කරන චෝදනාව පාකිස්තානය ප්‍රතික්ෂේප කර තිබේ.

ආගමික නිදහස උල්ලංඝනය කරනවා යැයි රටවල් අටක් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ ඇත. එම රටවල් අතර පාකිස්තානයට අමතරව චීනය, ඉරානය, උතුරු කොරියාව ද වෙයි.

කෙසේ නමුත් පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය මීට විරෝධය දක්වමින් පවසා ඇත්තේ පාකිස්තානයේ ආගමික නිදහස උපරිමයෙන් පවතින බවත්, ආගමික නිදහස පාකිස්තාන වැසියන්ට හිමිවී ඇත්තේ එරට ව්‍යවස්ථාවෙන් බවත්ය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS