අසර්බයිජාන්-ආමේනියා ගැටුම් අවසන් නෑ



නගොර්නෝ කරබාක් නමැති පළාත මුල්කොට ගනිමින්, ආමේනියාවත් අසර්බයිජානයත් අතර ඇරැඹි යුද ගැටුම් තවමත් අවසන් වී නොමැති අතර, ආමේනියා හමුදා ඊයේ (29) එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් අසර්බයිජාන සිවිල් වැසියෝ 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 කි.

නගොර්නෝ කරබාක් පළාත පිහිටා ඇත්තේ අසර්බයිජානයේ වුවත්, එම පළාතේ ජීවත් වන බහුතරය ආමේනියානු වාර්ගිය වැසියන්ය. නගොර්නෝ කරබාක් පළාතට ආමේනියාවත් අසර්බයිජානයත් වෙන් වෙන්ව අයිතිය ඉල්ලයි. ජාත්‍යන්තරය පිළිගෙන ඇත්තේ නගොර්නෝ කරබාක් පළාත අයිති වන්නේ අසර්බයිජානයට බවය.

ආමේනියාවත් අසර්බයිජානයත් අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් පළාත් විය. දෙරට අතර නගොර්නෝ කරබාක් පළාත සම්බන්ධයෙන් ගැටුම් ආරම්භ වූයේ සැප්තැම්බර් 27 වැනිදාය. ඒ, ආමේනියා හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් අසර්බයිජාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙනි. එදා සිට මේ දක්වා පැවැති අවි ගැටුම්වලින් මියගිය ගණන 2,000 කට ආසන්නය.

රුසියාව, ප්‍රංශය සහ තුර්කිය එක් වී ආමේනියා සහ අසර්බයිජාන නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින්, සටන් විරාමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවත් සටන් විරාමයක් ක්‍රියාත්මක වූයේ නැත.

ගංජා නුවරදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS