අයර්ලන්ත රියදුරා වරද පිළිගනී



නැගෙනහිර ලන්ඩනයේ එසෙක්ස් ප‍්‍රාන්තයේ කන්ටේනර් ට‍්‍රක් රියකින් අනවසර සංක‍්‍රමණිකයන් 39 දෙනකු හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් ට‍්‍රක් රියේ රියැදුරු වරද පිළිගෙන ඇති බව බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කරයි.

මියගිය සංක‍්‍රමණිකයන් 39 දෙනා වියට්නාම ජාතිකයන්ය. මළ සිරුරු හමුවුණේ පොලිසිය ට‍්‍රක් රිය සෝදිසි කළ අවස්ථාවේදීය. එම අවස්ථාවේදී ට‍්‍රක් රියේ රියැදුරා අත්අඩංගුවට ගත්තේය. ඔහු 25 හැවිරිදි අයර්ලන්තයේ පදිංචි මොරිස් රොබින්සන් නමැත්තාය.

බන්ධනාගාරයේ සිට ලන්ඩන් අධිකරණය හමුවේ වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ පෙනී සිටි මොරිස් රොබින්සන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් සංක‍්‍රමණිකයන්ගේ මරණ සම්බන්ධයෙන් වගකීම තමන් බාර ගන්නා බව පැවැසුවේය.

මොරිසන්, මිනිස් ජාවාරම් කල්ලියකට සම්බ්නධ රියැදුරෙකි. එම ජාවාරම් කල්ලිය නීතියේ රැුහැනට හසුකර ගැනීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පොලිසිය, අයර්ලන්ත පොලිසිය පරීක්ෂණ පවත්වන බව පැවැසෙයි. සිද්ධියට සම්බන්ධව තවත් අයර්ලන්ත වැසියන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS