අම්පාන් සුළි කුණාටුව 88 දෙනෙක් බිලි ගනී
නැගෙනහිර ඉන්දියාව සහ බංග්ලාදේශය කැලැඹූ ‘අම්පාන්’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 88 ක් යැයි ඉන්දීය පුවත් සේවා ඊයේ (22) වාර්තා කළේය.
මියගිය 88 දෙනාගෙන් 76 දෙනකු වාර්තා වන්නේ ඉන්දියාවේ බෙංගාල ප්‍රාන්තයෙනි. බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මම්තා බෙනර්ජි පවසා ඇත්තේ ‘කොවිඞ් 19’ වයිරසයටත් වඩා ‘අම්පාන්’ දරුණු ලෙස සමාජය කැලැඹූ බවය.
වසර 283 කට පසු හමා ආ දරුණුතම සුළි කුණාටුව මෙය ලෙස කාලගුණ විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ තිබේ. ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී ඇති අතර ලක්ෂ ගණනක් විදුලිය නොමැතිව පීඩාවට පත් වී සිටිති.
සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් පළාත් රැසක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇත. නිවාස සහ ගොඩනැගිලිවලටත් මෝටර් රථවලටත් හානි සිදුවී ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
මේ අතර, බෙංගාලය සහ ඔඩිස්සා ප්‍රාන්තවලට සුළි කුණාටුවෙන් සිදුවුණු හානිය දැක ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගුවන් සංචාරයක නියැලුණු බව වාර්තා වේ. බෙංගාල සහ ඔඩිස්සා ප්‍රාන්ත සහනාධාර ලබා දීම සිදුවන ආකාරය කෙසේ සිදුවන්නේ ද යන්න සොයා බැලුවේය.
කොල්කටාහිදීය (ඒ.එෆ්.පී)