අප්‍රිකා සංගම් සමුළුව ඉතියෝපියාවේ ඇරැඹේ



අප්‍රිකා සංගමයට අයත් අප්‍රිකා රටවල රාජ්‍ය නායක සමුළුව දෙදිනක් පුරා ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර අප්‍රිකා සංගමයේ මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී අප්‍රිකා රටවල පසුගලිය කාලයේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මෙන්ම ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු වුණු බව පැවැසෙයි.

සමුළුව පැවැත්වුණු ඉතියෝපියාවේ ද බෙදුම්වාදීන් සහ ඉතියෝපියා හමුදාව අතර ගැටුම් පවතී. එම ගැටුම් වහා සමථයකට පත් කරමින් සටන් විරාමයකට යන්නැයි අප්‍රිකා සංගමයට අයත් සාමාජික රටවල් 55 නියෝජනය කරන රාජ්‍ය නායකයෝ අවධාරණය කළහ.

මේ වනවිට ඉතියෝපියාවේ සිවිල් යුද ගැටුම් හේතුවෙන් දහස් ගණනක් මියගොස් ඇති බවත්, දස දහස් ගණනක් කුසගින්නේ පසුවන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS