අපරාධකරුවන් සටන් බිමට



අපරාධ සැකකරුවන් සහ චූදිතයන් යුක්රේන සටන් බිමට යැවීමට රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ‘දූමා’ සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි පැවැසෙයි. ඒ, රුසියන් හමුදාව සමඟ එක් වී යුක්රේන හමුදාවට පහර දීමේ අරමුණින්ය.

අපරාධ සැකකරුවන් සහ චූදිතයන් පවා සටන් බිමට යැවීමට රුසියන් ආරක්ෂක අංශ තීරණය කළේ මීට මාස කීපයකට පෙරය. ඊට අදාල යෝජනාවට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණි. එහිදී ඊට අනුමැතිය හිමිවිය.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.


RECOMMEND POSTS