අගමැති ජොන්සන් යුක්රේනයේ



යුක්රේන නිදහස් දිනය ඊයේ (24) ට යෙදී තිබුණු අතර, ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පෙර දැනුම් දීමක් නොකර, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

යුක්රේන නිදහස් දිනය ඊයේ (24) ට යෙදී තිබුණි. යුක්රේනය 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම නිදහස් දිනය ලෙස සැලකෙයි.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු බොරිස් ජොන්සන් සහ සෙලෙන්ස්කී අතර සමීප මිත්‍රත්වයක් වර්ධනය විය. ජොන්සන් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී යුක්රේනයට ගොස් සෙලෙන්ස්කී සහ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසුවේය.

රුසියානු හමුදා සමඟ සටන් වදින යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දීමට, සොල්දාදුවන් පුහුණු කිරීමට, යුක්රේන රජයට මූල්‍ය ආධාර ලබා දීමට අග්‍රාමාත්‍ය ජොන්සන් පියවර ගෙන තිබේ. මේ හේතුව නිසා රුසියාවෙන්, මහා බි්‍රතාන්‍යයට තර්ජන එල්ල වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS