අගබිසවට යළිත් ගෞරව නම්බුනාම
තයිලන්තයේ මහා වජ්රලෝංකෝර්න් රජතුමා යළිත් වරක් සිය අගබිසවක ලෙස සැලකෙන සීන්නීතාන් වොන්ෂිරාපක්දි පිළිගෙන ඇතැයි තායිලන්ත රජ මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
තායිලන්ත රජුට අගබිසෝවරුන් කිහිප දෙනෙකු සිටින අතර, අගමෙහෙසිය වන්නේ සුතිදාය. මැය තායිලන්ත රැජින යන ගෞරව නාමයෙන් හැඳින්වෙයි.
සීන්නීතාන් යනු රජුගේ ප්රියතම අගබිසවය. සීන්නීතාන්, සුතිදා රැජිනට ‘සමවීමට’ උත්සාහ ගත්තේ යැයි පසුගිය වසරේ චෝදනා එල්ල විය.
සීන්නීතාන් ට ලබා දී තිබුණු සියලුම ගෞරව නාම සහ නම්බුනාම සියල්ල ඉවත් කිරීමට රජු අණ කළේ ඒ අනුවය. දැන් යළි ඇයට එම ගෞරව නාම සහ නම්මුනාම හිමිවනු ඇත්තේ, රජතුමා සිය අගබිසව ලෙස ඇය නම් කර ඇති බැවිනි.
බැංකොක්හිදීය (රොයිටර්)