හදවතේ තරම



නිරෝගී වැඩිහිටියකුගේ හදවත, ප්‍රමාණයෙන් මිට මෙළවූ අතකට සමාන බව ඔබ දන්නවාද? පපුවේ මැදින් තරමක් වම් පසට වන්නට පිහිටා ඇති හදවත, ප්‍රමාණයෙන් කුඩා වුවද ශරීරයේ ජීවය පවත්වාගෙන යන දැවැන්ත මෙහෙවරක නිරත වේ. 

දිනකට ආසන්න වශයෙන් 100,000 වතාවක් ස්පන්දනය වන මෙය, ශරීරයේ සෑම පටකයකටම ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ රැගෙන යයි. ඒ අතරම, කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කිරීමටද සහාය වන හදවත, නිහඬව ක්‍රියාත්මක වන අප සිරුරේ ඇති අඛණ්ඩ එන්ජිමය.
 
මනීෂි මංජරී
The Brain Maze ඇසුරිනි


RECOMMEND POSTS