මුදල් බර

මුදල් පිළිබඳ ගැටලු පමණක් නොව, එම මුදල් ගැටලු විසඳුණු පසුවත්, එහි බලපෑම ඔබේ මොළයට දැනෙන බව ඔබ දැන සිටියාද?
බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් දිගු කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකට අනුව, තරුණ හෝ මැදි වියේ ඔබ මුහුණ දෙන මූල්‍ය ගැටලු, එම ගැටලු විසඳුණු පසුවත් ඔබට බලපෑම් කරන්නේ මොළයේ සංජානන ක්‍රියාකාරීත්වය දුර්වල කරමිනි මෙය සිදුවන්නේ වයස අවුරුදු 50 න් පසුව යැයි ද පැවැසෙයි.
මුදල් පිළිබඳ ගැටලු නිසා හටගන්නා තත්ත්වය ‘මූල්‍ය ආතතිය’ යැයි පර්යේෂකයන් විසින් නම් කරනු ලැබ ඇත. මතකය, අවධානය සහ සිතීම වැනි මොළයේ ක්‍රියාකාරකම්වලට මෙම ‘මූල්‍ය ආතතිය’ බලපෑම් එල්ල කරයි. එබැවින් අද ඔබ මුහුණ දෙන ආර්ථික අභියෝග, හෙට දවසේ ඔබේ සෞඛ්‍යයටත් බලපාන්නේ කෙසේදැයි විමසිල්ලෙන් සිටීම වඩා සුදුසුය.
මනීෂි මංජරී
The Brain Maze ඇසුරිනි

