හිටිහැටියේ යකා වැහෙන ලෙඩේ
්බයිපෝලර් රෝගය (Bipolar Disorder) යනු, පුද්ගලයෙකුගේ මනෝභාවය සහ හැසිරීමේ අධික වෙනස්වීම් ඇති කරමින වරින්වර ඇතිවන මානසික රෝගයකි. සිංහලෙන් මෙය ද්විද්‍රැව රෝගය ලෙස අර්ථ දැක්වෙයි.
මෙහි ඇති විශේෂත්වය තමයි හිතා ගන්නත් බැරි විදිහට මනෝ භාවය වෙනස් වීම. විටකදී මහා ඉහළ මට්ටමේ හැඟීම් වලින් (Mania අවස්ථාව) සිත පිරි ඉතිරී යන අතර, තවත් විටෙක ශෝකී පහළ මට්ටමේ හැඟීම් වලින් (Depressive අවස්ථාව) සිත පිරී ඉතිරී යයි.
මෙම රෝගය ඇති පුද්ගලයාගේ මනෝභාවය විටෙක ඉතා අධික සතුටක් සහ විටෙක අධික දුකක් ඇති වේ. එම කාලවල, ඔවුන්ගේ හැසිරීමත්, කවෙනස්වීම් ඇති වෙයි. ඇතැම් විට අනතුරුදායකය. සමහර විට අධික සතුට සහ අසාමාන්‍ය දුක යන මේ කාලපරිච්ඡේද දෙක අතර ඉතාමත්ම සාමාන්‍ය ලෙස ජීවිතය ගෙවී යන රෝගීන් ද ඇත.
ද්විද්‍රැව රෝගය ප්‍රධාන රෝග වර්ග දෙකකට බෙදේ.
මෙම රෝගී තත්ත්වයේදී ප්‍රධාන රෝග ලක්ෂණ දෙකක් ඇත.
A. අධික සතුට හෝ අසාමාන්‍ය අභිමානය (Mania)
B. අධික දුක හෝ අසාමාන්‍ය ලෙස කලකිරීමට පත්වීම (Depression)
බයිපෝලර් රෝගය මනෝ-ඩිප්රෙෂන් වර්ගයේ රෝගයකි. එයට නිසි ලෙස ප්‍රතිකාර කිරීම මඟින් රෝගීන්ට සාමකාමී සහ පූර්ණ ජීවිතයක් පවත්වා ගැනීමට හැක. වෛද්‍ය, මනෝ-සමීක්ෂණ මඟින්, පවුලේ සහ මිතුරන්ගේ සහාය මඟින්, මෙම රෝගය යම්තාක් දුරකට සාර්ථකව කළමනාකරණය කළ හැක.
සමාජය තුළ 1%ක් පමණ මෙම රෝගීන් සිටින බවත් මින් 30%ක් හෝ 60%ක් වැනි ප්‍රමාණයක් නිසි ප්‍රතිකාරවලට යොමු නොවන බවත් සමීක්ෂණවලින් පෙනීගොස් ඇත. මෙවැනි රෝගියකු නිසි කලට හඳුනානොගැනීම සහ නිසි කලට ප්‍රතිකාරවලට යොමු නොවීම ඉතා භයානක දෙයකි. මීට ප්‍රධානම හේතුව නම් ද්විද්‍රැව රෝගීන්ගෙන් 1%ක් පමණ සියදිවි නසා ගැනීමට පෙළඹීමයි. ප්‍රජාව තුළ සිටින සාමාන්‍ය පුද්ගලයකු හා සසඳන විට ද්විද්‍රැව රෝගියකු ජීවිතය නැති කර ගැනීමට තිබෙන සම්භාවිතාවය හැට ගුණයකින් වැඩිය.
Mania අවස්ථාවේදී - ඉහල මට්ටමේ හැඟීම් ඇති වන විට
- අධික සතුටකින්, බලාපොරොත්තු සහගත බවකින් කල් ගෙවයි.
- හදිසියේම ප්‍රීතියෙන් සිට කෝපයට පත් වේ.
- නොසන්සුන්කමක් ඇති විය හැක.
- වේගයෙන් කතා කිරීමට පෙළඹේ, නමුත් අනෙකා පවසන දෙය කෙරෙහි අවධානය යොමු කිරීම සහ අවධාරණය කර ගැනීම දුර්වලය.
- කායික ශක්තිය වැඩි වේ. අධික ලෙස වැඩ කිරීමට සහ ඇවිදීමට පෙළඹේ.
- නිදා ගැනීමට ප්‍රියතාවයක් හෝ අවශ්‍යතාවයක් ඇති නොවේ.
- අසාමාන්‍ය ලෙස ඉහළ ලිංගික අවශ්‍යතා පහල වේ.
- ඉටු කර ගත නොහැකි, යථාර්ථවාදී නොවන සැලසුම් සකස් කිරීමට පෙළඹේ.
- දුර්වල තීන්දු තීරණ ගනී. මිනිසුන් සහ සිදුවීම් පිලිබඳව වැරදි විනිශ්චයන්ට එළඹේ.
- මත්ද්‍රව්‍ය සහ මත්පැන් අධික ලෙස භාවිතා කිරීමට පෙළඹේ.
- ආවේගශීලී වීම. මේ සිතේ සහ කයේ ඇති වන අධික ශක්තිය නිසාය.
Depressive අවස්ථාවේදී - පහල මට්ටමේ හැඟීම් ඇති වන විට
- දුක් සහගත සිතුවිලි නිතර ඇති වීම
- සිරුරේ ශක්තිය නැති වීම
- බලාපොරොත්තු රහිත බවක් දැනීම
- තමා වැදගැම්මකට නැති පුද්ගලයෙක් බව දැනීම
- වරක් කැමත්තෙන් භුක්ති විඳි දෙයක් නැවත ලැබුණු විට සතුටක් ඇති නොවීම
- මානසික ඒකාග්‍රතාවය ගිලිහී යයි. මනසින් යමක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව පහලට බසී.
- හේතුවක් නැතුව හඬයි. හඬා වැටීම තමන්ටම පාලනය කර ගත නොහැකි වේ.
- දුර්වල තීරණ ගනී.
- සිතේ නුරුස්න සුළු හැඟීම් ඇති වේ.
- වැඩි නින්දක් අවශ්‍ය බව දැනුනත්, නින්ද නොයයි.
- ආහාර රුචිය වෙනස් වේ. වැඩිපුර ආහාර ගැනීමට හෝ ආහාර අඩුවෙන් ගැනීමට පෙළඹේ.
- ආහාර රුචිය වෙනස් වීමත් සමඟ සිරුරේ බර වෙනස් වේ. ආහාර රුචිය වැඩි වීමෙන් බර වැඩි වීමත්, ආහාර රුචිය අඩු වීමෙන් බර අඩු වීමත් සිදු වේ.
- සියදිවි නසා ගැනීම පිළිබඳ සිතුවිලි ඇති වේ.
- සියදිවි නසා ගැනීමට උත්සාහ කළ හැක.
මෙවැනි ලක්ෂණ මේ රෝගියකු තුළ දක්නට ලැබේ නම් එය අඩුවෙන් තක්සේරැ නොකර ඉක්මනින් මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යා යුතුය.
ලියන්නේ - ජයනි සිතාරි අල්විස්