සත්‍ය කතා සිනමා සිත්තම්



ඇඟ කිළිපොළන සත්‍ය සිදුවීම් සහ කතාන්තර පාදක කරගනිමින් නිර්මාණය වූ චිත්‍රපට ගැන තමයි මේ කතා කරන්න හදන්නේ.

IT

2017 වර්ෂයේ අගෝස්තු මාසයේ ගතවීමට නියමිතව තිබූ අයිටී චිත්‍රපටය වෘත්තීය මට්ටමින් කවට චරිත සිදුකරන පුද්ගලයන් ලෝකය පුරා විරෝධතාවයක් ගෙනගියා. ඔවුන් කියන්නේ ඒ චිත්‍රපටිය තුල සිටින කවට චරිතය මගින් භීතියක් ඇති කරන නිසා ඔවුන්ගේ රැකියාවටද එයින් බලපෑමක් ඇති විය හැකි බවයි. ජෝන් වේන් ගැසී ජූනියර් කියන පුද්ගලයා, හැත්තෑව දශකයේදී මේ කවටයා කියන චරිතයට කළු පැල්ලක් එකතු කරා.මෙම පුද්ගලයා ඇමරිකාවේ එක්තරා ප්‍රදේශයක වසර හයක් පුරා භීතිය ඇති කරා. ඔහු මිනීමැරුම් තිස්තුනක් සිදුකෙරූ ඉතාම දරුණු මිනීමරුවෙක්. ජෝන් වෙන් මනුස්ස ඝාතන කිරීමට ගිහිල්ලා තියෙන්නේ, කවටයෙක් විදියට සැරසිලා. ඔහුව හඳුන්වල තියෙන්නේ කවට මිනීමරුවා කියලා. ඔහුගේ මෝටර් රථයට නංවා ගන්නා මිනිස්සුන්ව ඔහු ගෙන ගොස් ඝාතනය කොට තිබෙනවා. අයිටී චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක කොටගෙන තියෙන්නේ මේ මිනිමරුවාගේ කතාවයි.

3096 Days

අවුරුදු දහයක් වයසැති නටාශා කැම්පූර්ෂ් ජීවත් වන්නේ වියානාවේ. හැමදාමත් පාසල් නිමාවී වේලාවට ගෙදර එන ඇය එක දවසක් පරක්කු වෙනවා. ඒ 1998 මාර්තු දෙවැනිදා. ඇයගේ මව හොඳට බයවෙලා මේ පිළිබඳව පොලිසියට දැනුම් දෙනවා. එදින උදෑසන නටාශා පාසල් යන අතරතුර වෑන් රථයකින් ඇයව පැහැරගෙන තිබෙනවා. මේ සිදුවීම දැකලා තියෙන්නේ නටාශාගේ යෙහෙළියක් වන ඇලීසා විසින්. ඇය කියන්නේ නතාෂාව නංවා ගත් වෑන් රථය පාසලට ප්‍රතිවිරුද්ධ දිශාවට ගිය බවයි. පොලිසිය නටාශාව හොයාගන්න ඉතාමත් පුළුල් මෙහෙයුමක් දියත් කරනවා. හැබැයි නටාශාව පැහැර ගත් අය පිළිබඳ කිසිම සාක්ෂියක් පොලිසියට සොයාගත නොහැකි වෙනවා. මේ කුඩා දැරිය පැහැරගෙන තිබුණේ Wolfgang priklopilනමැති පුද්ගලයෙක්. ඔහු ඉතා සූක්ෂම ලෙස කිසිදු සාක්ෂියක් ඇති නොවන ආකාරයෙන් මෙම පැහැර ගැනීම සිදුකොට තිබුණා. ඔහුගේ නිවසේ මීටර් දෙකහමාරක් පහළට උමගක් සකසා, වර්ග මීටර් පහක කාමරයක් සකසා තිබුණා. කිසිම ජනේලයක් තිබුනෙත් නෑ. පිටතට කිසිම ශබ්දයක් නොඇසෙන ආකාරයට සකස් කරලා තිබුණා. දොර කිලෝ ග්‍රෑම් 150ක් පමණ බරයි. TVඑකක්, ලොකර් එකක්, fan එකක්, මේසයක්, පුටුවක්, සින්ක් එකක් මේ කාමරයේ තිබුණා. කාල‍ෙන් කාලෙට නටාෂාට පිතට ගොස් ඇවිදීමට අවස්ථාව ලබා දී තිබුණද මෙම හිර ගෙදරින් පිටතට යන්න අවස්ථාවක් ලබාදී නෑ. ජීවිතයේ වැඩි කාලයක් සතෙක් මෙන් මෙම කාමරයේ ඇයව සිරකොට තිබුණා. 1998 මාර්තු දෙවැනි දා කුඩා කාමරයක සිරකාරියක් වන පුංචි නටාශා 2006 අගෝස්තු 23 වනදා Priklopelගේ ග්‍රහණයෙන් මිදෙනතුරු දින 3096 ක් සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී ජීවත්ව තිබුණා. ඇයව සිරගත කර තිබූ නිවසෙන් පැන ගොස් පොලිස් ස්ථානයට එන විට ඇය බොහෝ සෙයින් දුර්වල වී තිබුණා. ඇය නිවසින් පැනයාම සැලවීමත් සමඟ Priklopelදුම්රියට පැන සියදිවි නසාගෙන තිබුණා. පසුකාලීනව ඇයගේ ජීවිත කතාව ඇය ග්‍රන්ථයක් මගින් එළි දක්වා තිබුණා. එම ත්‍රාසජනක කතාව රැගත් චිත්‍රපටය 3096 නමින් ලෝකය පුරා තිරගත වී තිබෙනවා. 

Anabelle

හැත්තෑව දශකයේදී සිදුවුණු සිදුවීමක් ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. ඩෝනා කියන ගැහැණු ළමයට ඇයගේ උපන්දිනයට Raggedy Ann Doll වර්ගයේ බෝනික්කෙක් උපන්දින තෑග්ග විදියට හම්බවෙනවා. ඩෝනා අවුරුදු විසි ගණනක තරුණියක් වුණාට ඇය බෝනික්කන්ට හරිම කැමති. දවසක් උදෑසන අවදිවන ඩෝනා දකිනවා මේ අලුත් බෝනික්කා ළඟ කඩදාසියක් වැටිලා තියෙනවා. කඩදාසියේ ලියලා තියෙනවා හෙල්ප් මී කියලා . ඩෝනා සහ ඇයගේ යෙහෙළිය සිතන්නේ කලින් දවසේ රෑ කවුරුන් හෝ ඇයගේ කාමරයට හොරෙන් ඇතුළු වී තිබෙන බවයි. කවුරු හරි ගෙදරට ඇතුළු වෙනවද කියලා බලන්න මේ දෙන්නා දොරට ඉරෙන සුළු ටේප් එකක් අලවනවා. පාපිස්නයත් කවුරු හරි අඩියක් තිබ්බොත් හඳුනගන්න පුළුවන් විදියට සකස් කරනවා. හැබැයි අලවපුටේප්එකේවත් පාපිස්නයවත් ඊළඟ දින කිහිපයේදී කිසිම වෙනසක් පෙනෙන්න තිබුනේ නැහැ. හැබැයි පුදුමේ කියන්නේ එක එක දේවල් ලියපු කඩදාසි කෑලි මේ බෝනික්ක‍ා ළඟහැමදාම වැටිලා තියෙනවා. රාත්‍රියට එක එක ශබ්ද ඇසෙන්නට පටන් ගෙන තියෙනවා. ඔවුන්ගේ ජනෙල් දොරවල් ඉබේම ඇරෙන්න වැහෙන්න පටන් ගෙන තියෙනවා. බෝනික්කා ජීවමාන කෙනෙක් වගේ නිවසේ තැන් තැන්වලින් පේන්න පටන් ගෙන තිබෙනවා. මේ සිදුවීමසැලවීමත් සමඟ අද්භූත සිදුවීම් සම්බන්ධව පර්යේෂණ කරන සුප්‍රසිද්ධ ඇමෙරිකානු ජාතිකයන් වන Ed සහ Lorraine Warren මේ පිළිබඳ සොයා බලන්නට මේ නිවසට පැමිණෙනවා. මොවුන් සොයා ගන්නේ මෙම බෝනික්කා තුල යම්කිසි ආත්මයක් සැඟවී තිබෙන බවයි. පසුව භූතාත්ම පිළිබඳ මනා දැනුමක් ඇති පූජකයෙකු ගෙන්වා බන්ධනයකට ලක්කර කෞතුකාගාරයක් වෙත ගෙන යනවා. ඔබ ඇණබෙල් චිත්‍රපටය නරඹා තිබෙනවා නම් ඔබ දැක ඇති එය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කර ඇති බව දැක්වෙන සටහනක් , එයට පාදක වුණු කතාව මෙයයි. ඇනබෙල් බෝනික්කා අදටත් කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා ඇති බවයි කියැවෙන්නේ. 

Open Water 

මේ කතාවට සතුටුදායක ආරම්භයක් තිබුණත් අවසානයේ ඊට වඩා ගොඩක් වෙනස්. thomasLonerganසහ eileenhainesදෙදෙනා සරසවි පෙම්වතුන් යුවලක්. මොවුන් දෙදෙනාගේම විනෝදාංශය වන්නේ දිය යට කිමිදීමයි. 1998 ජනවාරි 25 වැනිදා මොවුන් දෙදෙනා තවත් කණ්ඩායමක් සමග සමඟ ඕස්ට්‍රේලියාවේ මහා කොරල් බාධකයේ කිමිදුම් සඳහා පිටත්ව යනවා. මෙයට ඔවුන් පුහුණුකරුවෙක් ගෙන යන්නේ නැහැ. එයට හේතුව වන්නේ මේ වනවිට ඔවුන් දිය යට කිමිදුම්160 කට වඩා සිදු කර තිබීමයි. එම දිනයේදී ඔවුන් තුන්වරක් දිය යට කිමිදීම සිදුකරා. හැබැයි තුන්වෙනි කිමිදීම ජීවිතයේ අවසාන කිමිදීම බව ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන් දිය යට සිටින විට ඔවුන් දෙදෙනාව මුහුද මැද තනිකරලා නැව වරායට ගොස් තිබුණා. කිමිදුම අවසන් කර නැවත පැමිණි අය අතර මොවුන් දෙදෙනා නොසිටිය බව කිසිවෙකුටත් මතක තිබුණේ නැහැ. දවස් දෙකක් ගතවනතුරුත් කිසිවෙකුටත් ඔවුන් දෙදෙනා නැති අඩුව දැනුනේ නැහැ. පසුව ඔවුන් සොයා කණ්ඩායමක් මුහුදට ගියද ඔවුන්ව සොයා ගැනීමට ලැබුණේ නැහැ. කාලෙකට පස්සේ ඔවුන්ගේ කිමිදුම් ඇඳුම් වල කොටස් වෙරළට ගොඩ ගසා තිබුණා. 1998 ජනවාරි 26 උදෑසන අටට ලියන ලද සටහනක් මාස හයකට පස්සේ මුහුදු වෙරළින් හමුවී තිබෙනවා. එහි ලියා තිබුණේ පෙරදින ඔවුන් සමඟ පැමිණියාත්‍රාව ඔවුන්ව අතහැර නැවත ගොඩබිමට ගිය බැවින්, ඔවුන්ව බේරා ගැනීමට පැමිණෙන ලෙස. මෙම සිදුවීම් පෙළ පාදක කොට ගනිමින් open water චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා.  

Monster

මෙම චිත්‍රපටයට පණ පෙවීම සඳහා සුරූපී නිළි Charlize Theron ගේ බර කිලෝ ග්‍රෑම් 13කින් වැඩි කරගෙන තිබෙනවා. අයගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙනත් තිබුණා. ඇමරිකානු ඉතිහාසය දෙවනියට දරුණුම විකෘති මනසකින් යුත් කාන්තා චරිතය නිරූපණය සඳහා තමයි ඇය මේ කැපවීම කරන්නේ. Aileen carol wournosgට ජීවිතය මුල ඉඳන් පහසු වුණේ නැහැ. එයාගේ තාත්තා කවුද කියලා දැනගෙන හිටියෙත් නැහැ. එයාගේ අම්මාත් එයාලව අතහැර දාලා ගිහිල්ලා තිබුණේ. ඇයයි ඇයගේ සහෝදරයයි ජීවත් වුණේ එයාලගේ ආච්චිත් එක්ක. එයා වයස අවුරුදු උදාහතරේදී ගැබ් ගන්නවා. දරුවා ලැබීමෙන් පස්සේ එයා පාසල් ජීවිතයට සමුදෙනවා. වයස අවුරුදු 15දී එයාට ඉන්න හිටින්නවත් තැනක් නැති වෙනවා. කිසිම දවසක සිහිනෙකින්වත් නොසිතූ විරූ රැකියා කරන්නට ඇයට සිද්ධ වෙනවා. කෙසේ වෙතත් ඇය මගින් සිදු කරනා අමානුෂීය අපරාද සුළු කොට තකන්නට හැකියාවක් තිබුණේ නැහැ. මෙම monster චිත්‍රපටයට ඇය විසින් සිදුකරන ලද දරුණු ගණයේ මනුෂ්‍ය ඝාතන සහ ඒවාට පසුබිම් වූ කරුණු මනාව ගෙනහැර දක්වනවා. ඇයගේ පළමු මනුෂ්‍ය ඝාතනය සිදු කරන්නේ 1989 නොවැම්බර් 3 වැනිදා. ඝාතනය ලක්වුණු පුද්ගලයාගේ නම රිචඩ්. එක් අවුරුද්දක් තුළ මිනිසුන් හත් දෙනෙක් ඝාතනය කර තිබෙනවා. කෙසේ වෙතත් මරණීය දණ්ඩන හයක් නියම වූ මැයට අද වන විට ජීවතුන් අතර සිටීමට වාසනාවක් තිබී නැහැ. ඇයගේ ජීවිත කතාව පාදක කොට ගනිමින් මොන්ස්ටර් චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. 

The Curse of Robert the doll

මේ රූපයේ සිටින්නේ රොබට් කියන බෝනික්කා. ඔහුගේ ජීවිත කතාව පටන් ගන්නේ විසිවන ශතවර්ෂයේ මුල් භාගයේදී. මුලින්ම මේ බෝනික්කව අයිතිවෙලා තිබුණේ Robert Eugene ottoකියන ළමයට .පුරාවෘත්ත වල සඳහන් වන ආකාරයට රොබට් ට මේ බෝනික්කව ලැබෙන්නේ ඔහුගේ නිවසේ ජීවත්වන සේවිකාවගෙන්. ඇය මේ බෝනික්කව දරුණු සාපයකට නතුකර තිබුණා. ඒ හේතුව නිසා රොබට් ජීවත් වන නිවසේ අසාමාන්‍ය සිදුවීම් නිතර සිදුවුණා. ශාපලත් බෝනික්කා ඇසිපිය ගසන්නටත් , කාමරයෙන් කාමරයට ගමන් කරන්නටත් සිදුවුණා. රොබට් මෙම බෝනික්කා සමඟ කතා කරපු ඇතැම් අවස්ථාවලදී මේ බෝනික්කා ඒවාට උත්තර පවා දී තිබුණා. අද වන විට මේ බෝනික්කා Martello කලා කෞතුකාගාර ගැලරියේ තැන්පත් කොට තිබෙනවා. රොබට්ගේ අවසරයකින් තොරව මෙම බෝනික්කාගේ ඡායාරූප ගන්නා අය ශාපයකට ලක්වන බවයි බොහෝ දෙනා කියන්නේ. ඔහුගේ අවසරයකින් තොරව මෙහි ඡායාරූප ගන්න බොහෝ දෙනා අද්භූත ලෙස විවිධ කරදර සහ අනතුරුවලට පත්වී තිබෙනවා. ඡායාරූප ගත් අය රොබට් ගෙන් සමාව ඉල්ලලා කෞතුකාගාරයට එවන ලිපි වලින් නම් අඩුවක් නැහැලු. ඉතින් මේ චිත්‍රපටයට පාදක වුන සත්‍ය කතාව මෙයයි. 

Primeval 

සංචාරයට කැමතිනම් නැගෙනහිර අප්‍රිකාවේ Burundi රාජ්‍යයේ තෙත් බිම් වල සංචාරය කරන්න කලින් දෙතුන් පාරක්ම හොඳින් සිතා බලන්න. ඊට හේතුව මේ තෙත් බිම්වල සැඟවී සිටිනවා ලෝක ප්‍රසිද්ධ මිනීමරු නයිල් කිඹුලෙක්. මේ කිඹුලව හඳුන්වන්නේ Gustav කියලා. මේ මිනීමරු කිඹ‍ුලාගේ ගොදුර බවට පත් වුන මිනිසුන් කොපමණද කියා කවුරුත් දන්නේ නැහැ. පසුගිය අවුරුදු කිහිපය තුළ Rusiziගංගාව ආශ්‍රිතව ජීවත් වුන අයගෙන් 200 ක් 300ක් වගේ ප්‍රමාණයක් මේ භයානක කිඹුලාගේ ආහාරය බවට පත්වී තිබෙනවා. නයිල් කිඹුලන් සාමාන්‍යයෙන් අවුරුදු හැත්තෑවක් සීයත් අතර කාලයක් ජීවත්වන බව තමයි සඳහන් වන්නේ. මේ කිඹුලා කොච්චර විශාලද කියලවත් කවුරුත් දැනගෙන සිටියේ නැහැ . හැමෝම අනුමාන කරන්නේ මෙම සත්වයා මීටර හයකට වඩා දිග ටොන් එකකට වඩා බර කිඹුලෙක් කියලයි. මේ කිඹුලාවඅල්ලා ගැනීමට මේ වනතුරු කිසිවකුට හැකි වී නැත. මේ සිදුවීම් දාමය මුල් කොට ගනිමින් Primeval චිත්‍රපටය නිර්මාණය වී ඇත.

Deliver Us from evil

මෙම චිත්‍රපටය නිව්යෝක් නගරයේසිදු වූ අද්භූත සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන නිර්මාණය වී තිබෙනවා. මේ සිදුවීම් සියල්ලම සත්‍ය ලෙසම සිදු වූ දේවල්. හිටපු පොලිස් නිලධාරියෙක් වන Ralph Sarchie විසින් ලියන ලද ස්වයං චරිතාපදානයක් වන Be wear the night ග්‍රන්ථය ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. පොලිස් නිලධාරියෙක් වශයෙන් සේවය කරන විට මුහුණ දීමට සිදුවූ අද්භූත සහගත සිදුවීම් නිසාම ඔහු මේ කෘතිය ලිවීමට පෙළඹී තිබෙනවා. එපමණක් නොවෙයි ඔහුගේ වෘත්තීය වෙනස් කිරීමටත් මෙම භයානක සිදුවීම් හේතුවක් වී තිබෙනවා. ඔහු දැන් සහය පූජකවර‍යෙකු ලෙස කටයුතු කරන අතර යක්ෂ බන්ධන වලින් මිනිසුන් මුදවා ගැනීමට කටයුතු කරනවා. 

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS