වෛද්‍යවරියක් වුණු රූ රැජින
එංගලන්ත රූ රැජින ලෙස පසුගිය 2019 වසරේ කිරුළු පැළැඳි ඉන්දීය සම්භවයක් සහිත භාෂා මුඛර්ජී ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට රෝහල් සේවයට එක් වී ඇත.

පසුගිය වසරේ එංගලන්ත රූ රැුජින ලෙස කිරුළු පැළඳි 24 හැවිරිදි භාෂා මුඛර්ජී සුරූපිනයක මෙන්ම ආධුනික වෛද්‍යවරියක ද වන්නීය.

මේ වනවිට ඇය ඇගේ සේවය ලබා දෙන්නේ ලන්ඩන් නුවර බොස්ටන් පිල්ගි්රම් රෝහලේය.

භාෂා මුඛර්ජී පවසා ඇත්තේ තමන් ඇතුළු සෙසු වෛද්‍යවරුන් සහ මෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දින ගණනක් නොකඩවා රෝගීන්ගේ යහපත වෙනුවෙන් සේවයේ යෙදී සිටින බවය.

‘කොවිඞ් 19’ වයිරස ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන අතරතුරේ ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, නිවැරදිව මුඛ ආවරණ පැළඳීම සහ අත් සබන් යොදා සෝදා පිරිසුදු කිරීම සම්බන්ධයෙන් වීඩියෝ වැඩසටහන් කීපයකටත් මෙම වෛද්‍ය සුරූපිනිය පෙනී සිට ඇත.
ඊට අමතරව සිය ජංගම දුරකතනය ඔස්සේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙමින්, වයිරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් ලබා දෙමින්, රෝහලේ කාර්ය මණ්ඩලය කරන සේවාව ජනතාවට දකින්න සැලැස්වීම ද වෛද්‍යවරිය කටයුතු සලස්වා තිබේ. එංගලන්ත රෝහල් කාර්ය මණ්ඩලය කෙරෙහි එංගලන්ත වැසියන්ගේ ගෞරවය වැඩි කිරීමට වෛද්‍යවරියගේ මෙම සමාජ මාධ්‍ය වීඩියෝ සහ ඡුායාරූප සමත් වී ඇතැයි ද පැවැසෙයි.
‘මා වෛද්‍ය වෘත්තියට කැමතියි.

‘කොවිඞ් 19’ ආසාදිත රෝගීන් බොහෝ දෙනකුට මා ඇතුළු වෛද්‍ය කණ්ඩායම ප්‍රතිකාර ලබා දෙනවා. ඒක වෙහෙසකර කටයුත්තක්. ඒත් අප කණ්ඩායමේ කිසිවකු බැහැ කියලා උත්සාහය සේවය පැහැර හැර නැහැ. බොහෝ දෙනකු තම තමන්ගේ නිවෙස් බලා යන්නේ නැහැ. ඒ පවුලේ අයට තමන්ගෙන් වයිරසය ආසාදනය වේවි බියෙන්’ යැයි බි්රතාන්යයේ ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් වෛද්‍යවරිය භාෂා මුඛර්ජී පැහැදිලි කර තිබේ.
ඩේලිමේල් ඇසුරිනි

