පිළිකා අවදානමක්

ටැටූ කලාවකි. ටැටූ එසේත් නැතිනම් පච්ච කොට ගැනීමට පෙර බොහෝ දෙනකු ඒ ගැන දෙවරක් සිතයි. ඒත් බොහෝ දෙනා නොසිතන කරුණක් ඇත. ඒ, පච්චයක් කොටා ගැනී සෞඛ්‍යයට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරාවි ද නැද්ද යන්නය.
පසුගිය දා දකුණු ඩෙන්මාර්ක විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ සායනික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂකයන්, හෙල්සින්කි විශ්වවිද්‍යාලය සමඟ එක්ව සිදු කළ පර්යේෂණවලින් අනාවරණය කර ගත්තේ, පච්ච කොටා ගැනීමෙන් චර්ම (සමේ) පිළිකා පිළිකා සහ ලිම්ෆෝමා (lymphoma) තත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බවය.
පච්ච කෙටීමට යොදා ගන්නේ විශේෂ තීන්ත වර්ගය. ඇතැම් තීන්ත වර්ග සිරුරට අහිතකර විය හැකිය. පච්ච කෙටීම සිදුවන්නේ සම මතුපිටින්ය. එසේ වුවත්, තීත්ත සම තුළට කා වදී. පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, පච්ච සඳහා භාවිතයට ගන්නා තීන්ත, පච්චය ඇති ස්ථානයේ පමණක් රැදෙන්නේ නැත.
තීන්ත අංශු සිරුර තුළින් වසා ගැටිති (lymph nodes) දක්වා ගමන් කර, එහි තැන්පත් වෙයි. අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, පච්ච තීන්ත සතුරකු ලෙස සලකා, ඒවා විනාශ කිරීමට උත්සාහ ගනී.
එම ක්‍රියාවලියේදී, තීන්ත අංශු වසා පද්ධතිය (lymphatic system) හරහා වසා ගැටිති දක්වා ගමන් කරයි. පච්ච තීන්ත වසා ගැටිති තුළ එකතු වීමෙන් දිගුකාලීන සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසය.
බීබීසී ඇසුරිනි

