කොණ්ඩෙට පිළියමක්



හිසකෙස් ගැලවී යෑමෙන් පීඩා විඳින මිලියන සංඛ්‍යාත ජනතාවට බලාපොරොත්තුවක් ලබා දිය හැකි පුදුම සහගත ප්‍රතිකර්මයක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වී ඇත. මෙම ප්‍රතිකර්මයට පෙති හෝ ක්‍රීම් වර්ග හෝ භාවිතයට ගැනීමක් සිදු නොවීම විශේෂත්වයකි.

‘ෆ්‍රන්ටියර්ස් ඉන් පාර්මකොලජීZ සඟරාවේ පළ කර ඇති අධ්‍යයනයකට අනුව, ඩී.එන්.ඒ. ව්‍යුහයට අත්‍යවශ්‍ය ස්වභාවිකව ඇතිවන සීනි වර්ගයක් වන ඩියෝක්සිරයිබෝස් (deoxyribose), කෙස්ගස් වටා රුධිර නාල වර්ධනය උත්තේජනය කිරීමෙන් හිසකෙස් ගැලවී යෑම නැවැත්වීම සහ හිස කෙස් වර්ධනයට උපකාරී වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

විද්‍යාඥයන් මේ බව සොයා ගත්තේ අහම්ඹෙනි. ඒ ඔවුන්, මීයන් යොදා ගනිමින්, මීයන්ගේ තුවාල සුව කිරීමට, මෙම සීනි උපකාරී වේවිදැයි පරීක්ෂණ කිරීමේදීය. ටෙස්ටොස්ටෙරෝන් මගින් හිසකෙස් ගැලවී ගිය මීයන්ට ඩියෝක්සිරයිබෝස් යෙදූ විට, රොගේන් (Rogaine) අඩංගු ක්‍රියාකාරී අමුද්‍රව්‍යය වන මිනොක්සිඩිල් (minoxidil) සමඟ සැසඳිය හැකි මට්ටමකට හිසකෙස් නැවත වර්ධනය වීමට පටන් ගෙන ඇත.


RECOMMEND POSTS