පොල් වතුරේ බලය



පොල් වතුරේ බලය අපට අලුත් දෙයක් නොවෙයි. දැන් බටහිර රටවල පෝෂණවේදීන් ද පොල් වතුරේ බලය ගැන අවධානය යොමු කර තිබේ. ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ (National Institutes of Health) පෝෂණවේදීන් පසුගිය දා පැවැසුවේ, උදෑසන පොල් වතුර පානය කිරීම මගින් සිරුරට අවශ්‍ය ජලය සහ ඉලෙක්ට්‍රෝලයිට් කාර්යක්ෂමව සැපයීමට උපකාරී වන බවය.

පොල් වතුරවල අඩංගු පොටෑසියම්, සෝඩියම් සහ මැග්නීසියම් වැනි වැදගත් ඛනිජ ලවණ මගින් සිරුරේ සජලනය (Hydration) නිසි ලෙස පවත්වා ගැනීමට පූර්ණ සහයක් ලබා දෙයි.

මීට අමතරව, තැඹිලි වතුරෙහි සයිටොකයින් (Cytokinins) ලෙස හඳුන්වන ස්වාභාවික ශාක සංයෝග ද අඩංගු වේ. මෙමගින් පෝෂණීය මෙන්ම ඉතා ප්‍රබෝධමත් පානයක් ලෙස එය අපගේ දෛනික සමබර ආහාර වේලට එකතු කර ගත හැකිය.

Brain Maze ඇසුරිනි


RECOMMEND POSTS