‘ස්පයිඩර් මෑන්’ගේ අලුත් වික්‍රමය
සිවිල් වෝර් චිත්‍රපටයේ උසස් පාසල් සිසුවකු වන පීටර් පාකර් (ස්පයිඩර් මෑන්) ගේ චරිතයට නවක නළු ටොම් හෝලන්ඞ් තෝරා ගත්තේය. සිවිල් වෝ චිත්‍රපටයේ ස්පයිඩර් මෑන්ගේ චරිතය අතිශයින් සාර්ථක වීමත් සමඟ ස්පයිඩර් මෑන්ගේ චරිතය පාදක කර ගනිමින් වෙනම චිත්‍රපට මාලාවක් නිර්මාණය කිරීමට මාවල් නිර්මාණකරුවෝ තීරණය කළහ.
ඒ අනුව, ටොම් හෝලන්ඞ් ප්‍රධාන චරිත නිරූපණය කරන ස්පයිඩර් මෑන් චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ස්පයිඩර් මෑන් හෝම්කමින්’ යනුවෙනි. මෙම චිත්‍රපටයට එළිදැක්වීමට නියමිතව ඇත්තේ 2017 වසරේදීය. යොවුන් නිළියෝ කිහිප දෙනෙක් මෙම චිත්‍රපටයට එක් වී සිටිති. ඒ අතරින්, ස්පයිඩර් මෑන් සහ පීටර් පාකර්ගේ පෙම්වතිය වන මේරි ජේන් වොට්සන්ගේ චරිතයට පණ දෙන්නේ ජනප්‍රිය යොවුන් නළියක වන සෙන්ඩායා.
ලුසිත ජයමාන්න
හොලිවුඞ් පුවත් ඇසුරිනි
|
Lusitha Jayamanna - Hollywood Gossip - Ben Hur - 2016.08.20
Inbox
|
x |
Lankadeepa Middle East
|
x |
|
Aug 20 (1 day ago)
|
|
‘බෙන් හර්’ පරදියි
ප්‍රති නිර්මාණය වුණු ‘බෙන් හර්’ චිත්‍රපටය, ප්‍රේක්ෂකයන්ගේ අප්‍රසාදයට ලක් වී, ඉතා අසාර්ථක ගමනක් ආරම්භ කර ඇති බවත්, බොක්ස් ඔෆිස් වාර්තාවලට අනුව මේ වනවිට එය ඇත්තේ පස් වැනි ස්ථානයේ බවත් හොලිවුඞ් පුරයෙන් වාර්තා වේ.
ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක් වැය කරමින් නිර්මාණය වුණු ‘බෙන් හර්’ චිත්‍රපටය ලබා ගෙන ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක් පමණි.
ජැක් හස්ටන්, මෝගන් ෆ්‍රීමන්, රොඞ්රීගෝ සැන්ටෝරෝ ආදී නළු නිළියන් රංගනයෙන් දායක වන මෙම නවතම බෙන් හර් චිත්‍රපටය එළිදැක්වූයේ පැරමවුන්ට් සහ එම්.ජී.එම්. චිත්‍රපට නිෂ්පාදන සමාගම්වල එකමුතුවෙනි. මෙය ටිමුර් බෙක්මැම්බෙටෝව්ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටය ලොව පුරා තිරගත වීම් ආරම්භ කළේ අගෝස්තු 19 වැනිදාය.
ලුසිත ජයමාන්න
හොලිවුඞ් පුවත් ඇසුරිනි