‘ඩන්කි’ ඩුබායි යයි



බොලිවුඩ් රජු, ෂාරුක් ඛාන්ගේ ‘ඩන්කි’ චිත්‍රපටය මේ වනවිට තිරගත වීම් ආරම්භ කර තිබේ. ‘ඩුන්කි’ බොලිවුඩයේ ආදරණීය සිනමාකරුවකු ලෙස සැලකෙන රාජ්කුමාර් හිරාණිගේ අධ්‍යක්ෂණයකි.

‘ඩන්කි’ ලොව පුරා තිරගත වීම ආරම්භ කළේ ෂාරුක් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘පාඨාන්’ සහ ‘ජවාන්’ චිත්‍රපටවල සාර්ථකත්වයෙන් පසුවය. ‘පාඨාන්’ සහ ‘ජවාන්’ මෙන් නොව, ‘ඩුන්කි’ ප්‍රහසන ක්‍රියාදාම චිත්‍රපටයකි.

‘ඩන්කි’ චිත්‍රපටයේ, ප්‍රචාරක කටයුතු වෙනුවෙන්, ෂාරුක් මේ දිනවල සිටින්නේ ඩුබායි නුවරය. ඩුබායි නුවර අහස සූරන මැදුරු පමණක් නොව, ලොව ලොකුම ගොඩනැගිල්ල ලෙස සැලකෙන බර්ජ් කලීෆා කුලුන ද විදුලි බුබුළුවලින් දැල්විණි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS